Left Continue shopping
Your Order

You have no items in your cart

Malay Pickle

Malay Pickle

ආහාර පිසීම කලාවක්. ඒක ඇතුලෙ එකිනෙකාට ආවේනික ක්‍රම තියනවා. රහස් තියනවා.සමහරු කැමති නැහැ රෙසපි එකක් සම්පූර්ණයෙන්ම තවත් කෙනෙක්ට කියල දෙන්න.සමහර රෙසපි තියනවා පරම්පරාවෙන් පැවත එන. ඒවා ඒ ඒ පරම්පරාවන්ට ආවේනික රෙසපි. මැලේ අච්චාරු කිව්වම හැමෝම දන්නවා හදන විදිය. මේ මගේ ආත්තම්මා හදන මැලේ අච්චාරුව.
අවශ්ය දේ:
කැරට් ගෙඩි 2
මාලු මිරිස් කරල් 3-4
බෝංචි අහුරක්
රතුලූනු කෝප්පයක්
අමු මිරිස් කරල් කිහිපයක්
කුඩාවට කපා ගත් අන්නාසි කෝප්පයක්
රටඉදි කෝප්පයක්
ලුනුදෙහි ගෙඩියක්
කුඩා හකුරු පෙත්තක්
ඉගුරු
සුදුලූනු
අඹරා ගත් අබ ස්වල්පයක්
තලාගත් එන්සල් කරල් කිහිපයක්
කරාබුනැටි කිහිපයක්
කෑලි මිරිස් මේස හැන්දක්
ලුනු රස අනුව
සීනි මේස හැන්දක්
විනාකිරි කෝප්ප කාලකට වඩා ටිකක් වැඩියෙන්
සාදන ආකාරය:
කැරට්,බෝංචි,මාලු මිරිස්,අමු මිරිස් කුඩාවට කපා ගන්න. ඉගුරු සහ සුදුලූනු එකට අඹරා ගන්න. ලුනුදෙහි කුඩාවට කපා ගන්න. ඇට ඉවත් කර රටඉදි කුඩාවට කපා කොටස් දෙකකට වෙන් කර එක කොටසක් සිහින්ව අඹරා ගන්න.හකුරු ග්‍රේටරයකින් සූරා ගන්න.
දැන් මැටි හට්ටියක් ලිප තබා එයට විනාකිරි දමන්න. එය උතුරාගෙන එනවිට අඹරා ගත් ඉගුරු සුදුලූනු පේස්ට් එක, අඹරා ගත් රටඉදි, කුඩාවට කපා ගත් ලුනුදෙහි, හකුරු,එන්සල් සහ කරාබුනැටි,ලුනු,කෑලි මිරිස්,අඹරා ගත් අබ සහ සිනී දමා හොදින් කලවම් කරමින් පිස ගන්න.
මෙය පාට වෙනස් වී ඝන තලපයක් වනවිට කපා ගත් එළවලු සහ ඉතිරි රටඉදි සියල්ල එකතු කර පේස්ට් එක සෑම තැනම තැවරෙන ලෙස හොදින් කලවම් කරන්න. ලිපෙන් ඉවත් කර නිවුනු පසු බෝතල්වල අසුරන්න.
අන්නාසි මෙයට එකතු කලොත් දවසක් දෙකක් යනවිට වතුර ගතිය උනනවා. ඒ නිසා කෑමට ගන්න කලින් අන්නාසි එකතු කරන්න. මෙය සතියක් දෙකක්,තුනක් උනත් කල් තියා ගන්න පුලුවන්.මේ තමයි මැලේ අච්චාරු හදා ගන්න නිවැරදි ක්‍රමය කිසිම රහසක් නැතිව.

Culinary is an art. It has its own set of methods. There are secrets that some people do not like to share a recipe completely to another. Some recipes are passed down from generation to generation. They are recipes that are unique to each generation. Everyone knows what Malay pickles are.

This is the Malay pickle my grandmother made.
What you need:
Carrots 2
Capsicums 3-4
A bunch of beans
A cup of red onion
A few raw chilli pods
A cup of finely chopped pineapple
A cup of dates, chopped
A pickled lime
Small slice of jaggery
Ginger
Garlic
A little bit of minced mustard
A few crushed cardamom pods
A few cloves
Tablespoon of chopped peppers
Salt to taste
1 tablespoon of sugar
1/4 cups of vinegar
Way of making:

Cut carrots, beans, fish and chillies into small pieces. Grind the ginger and garlic together. Cut the salt into small pieces. Peel a squash, grate it and chop it in half.

Now place a clay pot on the stove and add vinegar to it. When it boils, add the minced ginger garlic paste, minced peanuts, finely chopped jaggery and cloves, salt, chopped chillies, minced mustard and sugar and mix well.
When it changes color and becomes a thick paste, add the chopped vegetables and the rest of the dates and mix well so that the paste spreads everywhere. Remove from the heat and pack in bottles.

If pineapple is added to this, the water quality will increase after two days. So add pineapple before eating. This can last for a week or two. This is the correct way to make Malay pickles without any secrets.
Published with permission from Shikifood

Leave a comment

Please note: comments must be approved before they are published.